February 21, 2012

කිඹුලා

මේ ළගදී දවසක ඉතාම දුරුලභ අවස්තාවකට මට සහබාගි වෙන්න ලැබුණා. මෙච්චර කාලෙකට කිඹුල්ලු දැකලා තිබුණට කිසිම දවසක කථා කරලා නොතිබුණු නිසා පොඩි චකිතයක් නොතිබුණාම නෙමේ. මොනවා උනත් මූ එල කිඹුලෙක්. කිඹුලත් එක්ක කරපු කථා බහෙන් පස්සේ හිතුණා මේක ලිව්වොත් හොදා කියලා.

කිඹුලා යනු විකුර්තියේ ප්‍රතිමූර්තියකි. උපතින්ම සියළු සත්වයෝ විකුරුති වූවත් ඔවුන්නට ප්‍රකුර්තිය සොයා යා හැක. නමුත් කිඹුලා කිසිම විටක ප්‍රකුර්තිය සොයා යන්නෙකු නොව විකුර්තියට ආවඩන්නෙකි. එසේ පමනක් නොව හැකිනම් සියළු සත්වයෝ විකුර්තියේ ඉහලටම ඇදගෙන යාමට කිඹුලාට හැකිය.

කිඹුලා විකුරුතියක් බවට පත් වී ඇත්තේ ඔහුට දියෙහි මෙන්ම ගොඩ බිමේද දස්කම් දැක්වීමට හැකි නිසාය. ගොඩ හි පමනක් වැඩ කිඩ දාන සත්වයෙකුට හසු වූවොත් දියට හරි පැන යන්තම් හෝ පණ බේරා ගැනිමට හැකියාවක් ඇත. නමුත් ගොඩහිදී කිඹුලෙකුට හසු වූවොත් දියට පැන හෝ බේරීමට බැරිය. මන්ද කිඹුලා දියෙහිද හොද වැඩ කාරයෙකු බැවිණි.

කිඹුලා කිසිවිටක තමා කිඹුලෙකු බව නොපවසයි. කිඹුලන් පිළිබඳව වදනකුද නොපවසයි. කිඹුල් සමාජයම පිළිකුල් කරයි. නමුත් තමා කිඹුලෙකු බව ඔහු හොදින් දනී. එපමනක්ම නොව තමා කිඹුලෙකු වීම සම්බන්ඳයෙන් යටි හිතින් සතුටු වෙයි.

කිඹුලාට නිදහසේ ජීවත් විය නොහැක. ඔහුට නිතර දෙවේලේ කරදර, බාදක, හිරිහැර පැමිණේ. කුමක් සිදු වුවද කිඹුලා කිසි විටක සැලෙන්නේ නැත. එවිට කිඹුලා හීන් නූලෙන් එයින් ගැලවී යන්නේය. එසේ ගැලවී යාමට කිඹුලා උපන් හපනෙකි. මන්ද ඔහු උපතින්ම නූල් සූත්තර කාරයෙකි.

කිඹුලා හැම විටම අන් කිඹුලන්ට තර්ජනයකි. එමනිසා කිඹුලා සැම විටම අන් කිඹුලන් පිළබඳව දැඩි විමසිලකින් ජීවත් වෙන්නෙකි. කිඹුලාව ඇල්ලීමට විවිද අවස්තාවල දඩයක් කරුවන් පැමණ ඇත. ඒ හැම විටම කිඹුලා බේරී පලාගොස් ඇත. කිඹුලා පවසන අන්දමට කිඹුලාව ඇල්ලීමට නම් තමාට වඩා වැඩ කාරයින් පැමිණ සෑහෙන ගේමක් දිය යුතුය. නැතහොත් පිටු පසින් පැමිණ වෙඩි තිය යුතුය.

අවසාන වශයෙන් කිඹුලාගේ ආහාර වේල ගැන විමසූ විට ඔහු පැවසූයේ " අපි කන්නේ මැටි. ඒ අපේ හැටි කියාය. "

January 24, 2012

2012 අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක.

මේක ලියන්න උනු කථාව මෙන්න මේමයි.

මම ඉතිං ගොඩක් වෙලාවට එක දිගට ජාලේ සැරිසරනවා හරිම අඩුයිනේ. ඉතිං ඉදලා ඉදලා අද මම ජාල ගත උනාම ඉස්සෙල්ලාම දැක්කේ අපේ අභීත අයියාගේ පෝස්ට් එක. හැබැයි ඉතිං මම අභීත අයියාගේ පෝස්ට් එක ගැන විචාරයක් දෙන්න නෙමේ යන්නේ. මොකද ඒකට හේතු තියෙනවා. සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් ගැන කථා කරන්න ඒ පිළිබඳ හරි වැට හීමක් තියෙන්න ඕනා. මම කසාද නොබැදපු කෙනෙක් නිසාත් ඒ අද්දැකීම මට නැති නිසාත් සියල්ල නොදැන මෙතෙන්ට එන්ටර් විය නොහැකි නිසාත් තමුන් නොදන්න දේවල් ගැන කථා නොකර ඉන්න එක ඇගට ගුණ හන්දාත් ඒ පෝස්ට් එක සහ කමෙන්ට් ටික විතරක් කියෝගෙන ගියා.

එහෙම කියෝගෙන යනකොට අපේ ඕනයියා හොද කමෙන්ට් එකක් දාලා තිබුණා. මම ඉතිං ඔය පෝස්ට් එකේ ඒ ගැන කමෙන්ට් කරන්න යන්නේ නැතිව ඕනයියාට චැට් එකෙන් ඇමතුවා. ඕනයියා කියපු කථාවට මට හිනා නොවී ඉන්න බැරිව ගියා. ඉතිං මම ඕනයියාගේ අවසරය ඇතිව පහළින් දැම්මා ඒ චැට් එක.



me: මචං.
  උබ බිසීදෑ.
 ඕනයා: ne ne
  :)
 me: උබේ කමෙන්ට් එක සුපිරි බං.
2:09 AM ඒක කියන්න හැදුවේ.
  ප්‍රසිද්දීයේ ඕවා කියන්න යන්‍න ඕනේ නැති නිසා මේ ම කීවේ.
 ඕනයා: thanx machan
  mata mala penala demme
 me: මට හිතුනා.
  :D
2:10 AM ඉවසලා දාපු නීසා නියම ගතිය ඇවිල්ලා තියෙන්නේ.
  හික් හික්.
 ඕනයා: :D
  thawa danawa .. . geni kemathi nethi ewuwa danna beri nisa nikan hitiya:D
2:17 AM me: එල එල.
2:18 AM කෝම උනත් උබ රිදෙන්නම දුන්නා කමෙන්ට් එකෙන්.
  එල කිරි.
 ඕනයා: mama kemathi ne e wedeta . . namuth eyala mage merichcha ammayi, ara kirisappayawayi aedagaththane . . geni nan one magulak
2:19 AM me: මම නම් කියන්නේ මච්චරයි ඕනේ අයියා.
  හදපං බං කොල්ලෝ 2 ක්.
  එකෙක් එපා.
  :D
2:20 AM ඕනයා: ape target eka 4k :D
2:21 AM me: ඇඩෙනවා ..........
 ඕනයා: :D
 me: මම හිතුගෙන හිටියේ උතුරෙනුයි දකුණෙනුයි හිටියනම් ඇති කියලා.
2:22 AM යකෝ හතර වටේම අල්ලන්නද යන්නේ ...........
  හික් හික්.
  මල් හතයි ඈ .........
  :D
 ඕනයා: yako . . geni paththini dewaleta bara une nimunnu 4k illala
  :D
  mama pana baye hitiye
2:25 AM me: :D :D :D :D :D
  හක්ක පනිනවා ඕයි හිනා ගිහිල්ලා.
2:26 AM ඕනයා: hina thamayi . . welaawata paththini meniyo mage duka beluwe :D
2:29 AM me: පෝස්ට් එකක් ලියන්න හිතෙන කථාවක් බං.
  සිරාවට.
2:30 AM ඕනයා: liyapan :D
 me: උබේ නමත් දාලම ලියන්නද ?.
 ඕනයා: liyapan . . kisi prashnayak ne :D
 me: යකෝ ලියන්න දෙයක් නෑ.
  මේ චැට් එක දැම්මානම් හරි.
  :D
  එහෙනම් දානවා ඈ.
  චැ‍ට් එක.
 ඕනයා: dapiya ithin mata moko . . . . :D
 me: එල කිරි.
  ඔන්න අනම් මනම් කියන්න එපා.
2:35 AM ඕනයා: pissuda bola
  mama mokatada anam manan kiyanne
 me: එල එල ඔන්න මම පටන් ගත්තා.
 ඕනයා: :D k'  :D :D :D :D :D :D :D :D

December 3, 2011

ලැජ්ජාව හා විලිලැජ්ජාව

මේ ලිපිය ලියන්න පාදක වෙච්ච කථාව සිද්ද වෙලා නම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාවක් තිබුණේ නෑනේ. අද යන්තම් නිවාඩුවක් දා ගත්තා අසනීප නිසා. ඒත් ඉතිං අමාරුව පත්තකින් තියලා මේක ලියලා දානවා කියලා හිතුනු නිසා ලියන්න ගත්තා.

මගේ යාළුවෙක් ඉන්නවා වීඩියෝ සෙන්ටර් එකක. මිනිහා ගාවට නිතරම කස්ටිය එනවා ෆෝන් එකේ තියෙන මෙමරි චිප් වලට සින්දු දාගෙන යන්න. ඉතිං ඒ අතර පාසල් ළමුන් විශේෂයි. දවසක් ගෑණු ළමයි තුන් හතර දෙනෙක් ඇවිල්ලා පොරට මෙමරි චිප් එකක් දීලා මේන්න මෙහෙම කියලා.

" අයියේ. ඕකේ තියෙන වීඩියෝ ටික අයින් කරලා අපිට සිංදු ටිකක් දාලා දෙන්න. "

" නංගි මේකේ ඕන කරන ඒවා එහෙම ඇතිනේ. "

" ඕනේ නෑ අයියේ. එකම ටික බලලා ඇති වෙලා තියෙන්නේ. කමක් නෑ ඔය A කියලා තියෙන ෆෝල්ඩරේ තියලා ඉතිරි ඒවා අයින් කරලා සින්දු දාන්නකෝ. "

මිනිහා ඉතිං ඔය වීඩියෝ තියෙන ෆෝල්ඩරේ නිකම‍ට වගේ අර ගෑණු ළමයාට නොපනෙන්න බලලා. බලපු ගමන් කොපියකුත් මිනිහාගේ යන්තරේට දාගෙන. ඒ කිව්ව විදිහට සින්දු ටික දාන ගමන් පොඩි කථාවකුත් දාලා.

" නංගී ‍මොකද්ද ෆෝන් එක. "

" චයිනීස් එකක් අයියේ. මගේ නොකියා එක කැඩුනා. පස්සේ අඩුවට හම්බ වෙලා ඕක ගත්තා. "

" මෙමරි චිප් එකත් ඔයාගෙද ?. "

" ඔව් අයියේ. "

" ශා ලස්සන සින්දු ටිකක් තියෙන්නේ. කොහෙන්ද දා ගත්තේ. "

" ටිකයි අයියේ සිංදු තියෙන්නේ. ඒකත් දා ගත්තේ මගේ යාළුවෙකු‍ට දීලා. එයා ‍ගේ මැශින් එක මේ දවස් වල කැඩිලා. ඒකයි මෙහේ ආවේ සින්දු දා ගන්න. "

" ආ ආ හරි හරි. "

කස්ටිය ගියාට පස්සේ මිනිහා අර වීඩියෝ ෆෝල්ඩරේ බලලා. මිනිහාගේ ඉහ මොල රත් වෙලා. මොකද තියෙන්නේ සේරම අසභ්‍ය ග‍ණයේ වීඩියෝ. අර තියන්න කිව්ව A ෆෝල්ඩරේ තමා සුපිරිම ටික තිබිලා තියෙන්නේ. සේරම 50 කිට්ටු වෙන්න වීඩියෝ.

මට නම් පෙනෙනා ආකාරයට මෙය ඉතා යෝධ ඉදිරි පියවරකි.

අපේ රටේ කාන්තාවන් බහුතරක් මෑතක් වෙන තුරුම තමන්ගේ මංගල දින රාත්‍රියේදී සිදුවන්නේ කුමක්දැයි හරිහැටි දැනීමක් තිබුණේ නැති තරම්ය. ඇය පිරිමියා ඉදිරියේ ලැජ්ජාවෙන් ඇබරුනාය. පිරිමියාද බලාපොරොත්තු වන්නේ ලැජ්ජාවෙන් ඇඹරෙන කාන්තාවකට මිසක තමාව පෙරලාගෙන දගලන කාන්තාවනකට නොවේය. එවිට මුලසිට සරලවම පිරිමියා විසින් තමා අතිනත ගත් කාන්තාවට සියල්ල කියා දීමට සිදුවේ. ඒය ඉතා සුන්දර වනු ඇත.

නමුත් මෙම යෝධ ඉදිරි පියවරත් සමග පරිමියා අතිනත ගන්නේ සියළු දැණුමෙන් පරිපූර්න කාන්තාවකි. ඇය සියල්ල දනීය. පරිමියා විසින් ඇයට කියා දීමට දෙයක් නොමැත. පරිමියා සමග කරට කර ඇයද හිදිණු ඇත. සමහර විට පිරිමියාට වඩා දැනුමින් ද සමහර විට අත්දැකීමෙන්ද ඇය ඉදිරියෙන් සිටිනු ඇත. එවිට ඇය ඔහුට මුල සිට සරළව කියා දෙනු ඇත. මා ඉහතින් සදහන් කල යෝද පියවර මෙයය.

එවිට

අතීතයේද පිරිමියා ඉදරියේ ගැහැණිය ලැජ්ජාවෙන් ඇඹරුනාය. මතු දිනෙක ගැහැණිය ඉදිරියේ පිරිමියා විලි ලැජ්ජාවෙන් ඇඹරෙනු ඇත.

October 17, 2011

ඇසුවෙමි දුටුවෙමි.


පුංචි කාලේ ඉදලාම මෑතක් වන තුරුම මගේ හිතේ තිබුණු දෙයක් තමයි මේ සමාජයේ ඉන්න මිනිසුන් සෑම සියළු දෙනාම එකා වගේ, නරක ය කියන දේ මේ මිනිස්සු ගාව නෑ කියන එක. ඉතාම කෙටි කාලයක් මේ සමාජය ආශ්‍රය කිරීමත් එක්කම මේ සමාජය හරිම විශම දේවල් වලින් පිරී ඇති බව මට තේරුම් යන්න පටන් ගත්තා. බොහෝ අවස්තාවල මිනිසුන්ව දැඩිව විශ්වාස කරපු මට මේ විශමත්වය හරියට තේරුම් යනවිට කාලය බොහෝ දුරට ඉගිල ගිහින් තිබුණු අතර බොහෝ දේවල් වැරදී ගිහින්ද තිබුණා.

ඉතිං මේ ළගදි මට අහන්න දකින්න ලැබුණු සිද්ධියක් තමයි මේ. මෙහි කථා නායකයා කමල්. කමල් යම් ආයතනයක ප්‍රධානියෙක්. ඔහු යටතේ සේවකයින් ‍කිහිප දෙනෙක්ම වැඩ කලා. ඔහුගේ ආයතනය නිරතුරුවම පාරිබෝගිකයින්ගෙන් පිරී ගියා. කමල්ට බිරිදක් වගේම අවුරුදු 3ක 4ක පොඩි කොළු පැටියෙකුත් හිටියා. ආයතනයේ වැඩ වගේම ජීවන ‍බරෙන් යම් කිසි නිදහසක් ලබා ගන්නත් හිතාගෙන පොඩි පොඩි ව්‍යාපාර කීපයකුත් කරගෙන ගියා.

මෙහෙම කාලය ගලාගෙන යන අතර තුර කමල් සමාජයත් එක්ක ගැටෙද්දි පිරිමින් වගේම ගැහැණුන් සමගත් හොද මිත්‍රශීලීත්වයකින් කටයුතු කරනවා. නමුත් මොහු ගැහැණුන් දෙස බලන්නේ තමාගේ බිරිඳටද එහා ගිහ දේවල් ලබා ගන්නා යටි අරමුණද ඇතුවයි. ඔහුට වයස් භේදයක් තිබුණේ නැහැ. ප්‍රයොජයක් ගත හැක්කේ කුමණ ස්ත්‍රියකගෙන්ද ඇයගෙන් ඒ‍ දේ ලබා ගත්තා.

සමහර ගැහැණුන් එවැනි දෙයකට සැදී පැහැදී සිටියත් සමහරු එහෙම උනේ නෑ. එවිට ඔහු ඔවුන්ට නොදැනෙන්නට ශරීරයේ කුමන හෝ ප්‍රදේශයක් ස්පර්ශ කලා. ඔහු සෑම විටම කුමණ හෝ ස්ත්‍රියකගේ ශරීර ස්පර්ශයක් බලාපොරොත්තුවෙනුයි සැදී පැහැදී සිටියේ.මේ වැඩ පිළිවෙල මේ විදිහට කෙරීගෙන යන අතර තුර ඒ සිදුවීම් ලෝකයාගෙන් සගවන්නටද බොහෝ වෑයමන් දරන්න ඔහුට සිදු උනා. ඔහු හොද සමාජශීලී, නිහතමානී, ගුණ ගරුක, ආගමට දහමට ලැදි මෙකී එකී නොකී සියළු දෑ වලින් තමන් සමන්විත වී ඇති බව ලොවට හැගෙව්වා.

මේ අතර ඔහුගේ ආයතනයට සේවිකාවක් ඔහු බදවා ගත්තා. ඇය එක්තරා ආකාරයක අමුතු සිතුම් පැතුම් ඇති ස්ත්‍රියක්. ඇය සේවිකාවක් ලෙස බදවා ගැනීමට පෙර සිටම කමල් ඇයව හොදින් දැන සිටියා. ඇයත් සමග ද ඔහුගේ සම්බන්ඳතාවයක් මීට ඉහත කාලෙයේ සිටම තිබූ බව සමහරු දැන සිටියා. එය දන්නෝ දනිති ඝණයේ රහසක්ද උනා.කමල් හා සේවිකාම අනෙකුන්ට හොරා රහස් සම්බන්ඳතාවය ගොඩ නැගුවා. අඩුම තරමේ කමල්ගේ බිරිඳටවත් මේ පිළිබඳව සැකයක් ඇති නොවන ආකාරයට. සේවිකාවද දැන සිටියා කමල්ට බිරිඳක් හා දරුවෙකු සිටිනා වග. නමුත් ඇයට එය එතරම් ප්‍රශ්ණයක් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැති තරම්.

මේ අතර කමල්ගේ බිරිඳ නැවත ගැබ්බර වෙනවා. ඒත් සමගම කමල් රැකියා ස්ථානයේ කටයුතු වලට වඩා නිවසේ කටයුතු පිළිබදව වෙහෙසෙනවා. සේවා ස්ථානයේ සේවිකාවටද මේ අතර විවිද වූ තොර තුරු ආරංචි‍ වෙනවා. කමල්ගේ ස්ත්‍රී ලෝලීත්වය තමන්ට පමණක් සීමා වූවක් නොව බොහෝ ස්ත්‍රීන්ටද එය එසේම බව ඇයට තේරුම් යනවා. ඒත් සමඟම කමල් පිළිබඳව දැඩි වෛරයක් දිනෙන් දිනම ඇගේ සිතෙහි හට ගැණුනේ නිරායාසයෙන්.

එක් දිනක් ඒ වෛරය පිටා‍ර ගලා කමල් සමඟ යම් ආරවුලක් ඇති  වීමත් සමඟ සේවිකාව එම රැකියා ස්ථානය හැර යනවා.ඒ අවස්ථාව වන විට සේවිකාව කුමන තත්ත්වයක සිටියාදැයි අප නොදනිමු. හිටි අඩියේ මෙම සේවිකාව ඉවත්ව යාම කමල්ගේ බිරිඳට යම් සැකයක් ඇති වීමට තරම් හේතුවක් උනා. ඇය ඒ පිළිබඳව විපරමෙන් සිටින අතර ඇගේ හිතවතියක් යම් තොරතුරු ප්‍රමාණයක් ඇයට ලබා දෙනවා. ඒ ඇගේ ජීවිතය උඩු යටිකුරු කල ප්‍රවෘත්තියක් උනා.

වසර 18 පමණ කාලයක සිට තමාත් සමඟ ආදරෙයන් වෙලී සිටි තමාගේ ආදරවන්තයා, ස්වාමියා ඉහත කී සේවිකාව සමඟ අයතා සම්බන්ඳයක් ඇති බව ඇය සිහිනෙකුදු බලාපොරොත්තු නොවූ දෙයක්. රළු චරිතයක් නෙවූ ඇයට මෙම සිදුවීම දරා ගනීමට නොහැකි තත්ත්වයක් උනා. ඇය අර ‍සේවිකාවට දුරකථන ඇමතුමක් ගෙන ඒ පිළිබඳව විමසා සිටිනවා. සේවිකාව කමල්ගේ චරිතයේ බිරිඳ නොදන්නා සියළු තතු ඇය හට පවසනවා. තමාගේ ආදරණීය ස්වාමියාට දාව මෙලොව එලිය දකින්නට යන දෙමස් වයසැති ප්‍රාණියා ඇයව හැර යන තරම් ප්‍රබල කම්පණයක් බවට එය පත් වෙනවා.

එම සිදුවීම් පෙල එතැනින් නිමා වූවා යැයි අප සිතමු. මෙහි ඇති සාධාරණ අසාධාරණ බව හෝ වෙනයම් බවක් විමසා බැලීම ඔබහට බාර කරන්නේ මෙම ලිපියේ ලිවීමේ අරමුන එය නොව බැවැණි. අප ජීවත් වන මෙම විශම සමාජය තුල මෙය එක් සිදුවීමක් පමණි. මෙම විශම සමාජය තුළ අපගේ තැන නිවැරදි දැකීමෙන්, නිවැරදි ණුවනින් හා නිවැරදි ක්‍රියාවෙන් සමාජයට වැඩ දායී යහපත් පුද්ගලයින් මිසක සමාජයට පිලලයන් නොවීමට වග බලා ගැනීමට කාලය එළඹී බොහෝ කල්ය. නමුත් එය එසේ සිදු නොවුනද අනුන් හදනවාට වඩා තමා සම්මතයේ පිහිටා කටයුතු කිරීමට වග බලා ගත යුතු කාලය දැන් එලබී ඇති බව තරයේ සිහියේ තබා ගත යුතුය.


නම් ගම් මඃකල්පිතය.

October 13, 2011

සමාජය මම හා කොන්ඩය.

මම කොන්ඩය කැපුවා. අවුරුද්දකට ආසන්න කායලක් වවාගෙන හිටිය කොන්ඩය කැපුවා. කැපුවා කියනවට වඩා කපන්න උනා. මගේ කොන්ඩය කපන තැනට වැඩේ සිද්ද උනා.

මට කොන්ඩේ වවන්න හිතුණු කාලේ හරියට මතක නැතත් මට සෑහෙන කාලෙක ඉදලා කොන්ඩේ වවන්න උවමනවක් තිබුණා. ඒක් එක්කම රැවුල. සා / පෙ කරන කාලේ  ඒ ආසාව තිබුණට ඒක කරන්න බැරිව ගියා. උ / පෙ ඉවර වෙනකොට මගේ තරමක් දිග කොන්ඩයක් තිබුණා. මම ඒ කාලේ කොන්ඩෙට තරම් වෙන කිසිම දේකට ආදරේ ‍කලේ නෑ. හොදට නෑවා. කොන්ඩේ පීරුවා. ඒ වැව්ව පාර  අවුරුදු දෙකයි මාස හයයි වගේ කාලයක් වවාගෙන හිටියා.

ඒකාලේ මම හොදටම රස්තියාදු ගැහුවා. හන්දි ගානේ යාළුවොත් එක්ක වරු ගනන් කාලේ කා දැම්මා. හන්දියේ වගේම ටවුමෙත්. මාත් එක්කම කොන්ඩේ වවන්න කීප දෙනෙක් පටන් ගත්තත් අන්තිමට ඉතිරි උනේ මම. කොන්ඩෙත් එක්ක මගේ ජීවිතේ යම් වෙනසක් ඇති උනා. හැබැයි මම කොන්ඩේ වැව්වේ විලාසිතාවක් සදහා නෙවෙයි. සම‍හරෙකුට ඒක විලාසිතාවක් උනත් මට එහෙම උනේ නෑ. මම කොන්ඩේ වැව්වේ බොහෝ දුරට මගේ හිතට යම් කිසි තෘප්තියක් ලබා දෙන්න කීවොත් නැවැරදී. ඒක ලැබෙන්නේ මොන විදිහකින්ද කියලා දන්නේ නැතත් මගේ කොන්ඩය හෝ වැවැනු රැවුල පේන‍ කොට මට ඒ දේ ලැබුණා.

මගේ කොන්ඩයට හා රුවුල‍ට විවිද ප්‍රතිචාර ලැබුණා. මගේ යාළුවෝ කවදාවත් මගේ කොන්ඩට බැන්නේ නෑ. වැරැද්දක් කීවෙත් නෑ. නමුත් වැරදි කියපු අය  බොහෝ හිටියා. සමහරු මූනටම කීවාත සමහරු හැන්ගි‍ හොරා කීවා. ඕකා ගංජා කාරයා. කුඩු කාරයා. රස්තියාදු කාරයා. (ගංජා හා කුඩු කොන්ඩය හෝ රුවුල සමග මොන විදිහේ සම්බන්දයක් තියේ දැයි අදටත් ම‍ට හිතා ගන්න අමාරු කාරණයක්.) ඔය වගේ විවිද දේවල්. ඒවා එකින් එක ගෙදරට පවා එන්න පටන් ගත්තා. ගෙදර අයගෙත් ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ මගේ කොන්ඩෙට. නමුත් මම දිගටම වැව්වා.

අවුරුදු දෙකයි මාස හයකයට විතර පස්සේ නීතිය හා සාමය සුරකින තැනකින් මට කීවා කොන්ඩෙ කපාපං කියලා. මම කොන්ඩෙයි රැවුලයි වවලා නීතියට හා සාමයට පිටින් ගියද කියලාත් තාමත් මට හිතාගන්න බැරි කාරනයක්. නමුත් මට ඒ දේවල් ඉස්සරහා නැගී සිටින්න තරම් සක්තියක් තිබුණේ නෑ. 

මම කොන්ඩේ කැපුවා. යාළුවෝ අපරාදේ කීවා. අනිත් හැමෝම හොදයි කීවා. ඔය කාලේ වෙන කොට මම බෙහෝ මත් ද්‍රව්ය පාවිච්චි කරපු කෙනෙක් කුඩු හැර. මට ජීවිතේ කිසිම අරමුනක් නොතිබුණු කාලයක් ඒ කාලය. නමුත් කොන්ඩේ වවාගෙන රැවුල වවාගෙන ඉන්නකොට කුඩු කාරයා ගංජා කාරයා කියපු බොහෝ දෙනා මට හොද කියන්න ගත්තා. ඒ කියන්නේ මම මේවා පාවිච්චි කලා හෝ නොකලා කොන්ඩේ වවාගෙන ඉද්දී මගේ ස්වරෑපය ඒ වගේ වෙන්න ඇති. නමුත් මම කොන්ඩේ කැපුවාට පස්සේ මම ඒවා පාවිච්චි ක‍ලා හෝ නොකලා මම හොද එකෙක්. 

මීට ටික කාලෙකට පස්සේ ම‍ගේ ආදරවන්තිය මට ලැබීමත් එක්ක මේ මත් ද්‍රව්‍ය වලින් මම ටිකෙන් ‍ටික අයින් වෙන්න ගත්තා. වර්තමානය වන විට මම සෑහෙන දේවල් ගොඩක් අත ඇරපු මනුස්සයෙක් වෙලා. ඒකට හේතුව උනේ මගේ මේ ක්‍රියාවන් නිසා හැමෝම දන්න පරිදි බුල්ටිට අපහසුතාවයකට ලක් වෙනවට මගේ කිසිම කැමත්තක් නැති කම. ‍මේ දේවළුත් එක්කම හන්දියේ රස්තියාදු ගහන එක නිකරුනේ තැන්තැන්වල කල්ලි ගැහෙන එක හා නිතර නිතර යහළුවන් මුන ගැසීම අඩු කලා. දැන් ගමේ මිනිස්සු මට හොද කියන්න ගත්තා. සමහරු කීවා මූ නම් අමුතුම පොරක් කියලා. මම හැමෝම එක්ක සුහදව හිටියා.

ගිය අවුරුද්දේ නොවැම්බර් හෝ දෙසැම්බර් වල මම ආයෙත් හිතුවා කොන්ඩේ වවන්න. මොකද මේ වෙන කොට මම කාටත් හොද ළමයෙක් උනා. මම හිතුවා මිනිස්සු ඇත්ත දකී කියලා. මම කොන්ඩේ හා රුවුල නැවත වැව්වා.

සියල්ල වැරදී. මගේ කොන්ඩය හා රුවුල වැවීමත් එක්කම නැවතත් අර පරණ හංවඩු ගැසීම පටන් ගත්තා. බුල්ටීගේ නිවසට පවා විවිදා කාර වූ දේ ආරංචි උනා. මට කුඩු කාරයා කියන්න ගත්තා. ගංජාකාරයා කියන්න ගත්තා.මම දන්නවා උන්ගේ ඇස් වලට ජීවිතේට කුඩු ගංජා නොදැකපු උන්. ඒ සමහරක් දන්නේ නෑ උන්ගේ පුත්තු මොනවද ගහන්නේ කියලා. නිවාඩු දවසට ජැන්ඩියට ඇදගෙන යන්නේ 1000 2000 පැයකට හමාරකට  ගන්න පුළුවන් ගෑණියෙක් හොයාගෙන කියලා. තමුන්ගේ පුතා එක්ක බඩදරු අම්මෙක්වත් තනියම තියන්න බැහැ කියලා උන් දන්නේ නෑ. මොකද උන්ගේ දරුවෝ කොන්ඩේ වවන්නේ නෑ. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කලා. නමුත් අද වෙනකං කිසිම කෙනෙකුට කරදරයක් කරලා නෑ. මම ඒවයින් අයින් උනා. කොන්ඩේ වැවීමත් එක්ක නොකෙරුවත් කෙරුවා වගේ උනා.

හැබැයි මම එක දෙයක් දන්නවා. මම‍‍ හොද සල්ලි කාරයෙක් උණා නම් මට මේ දේවල් අහන්න වෙන්නේ නෑ කොන්ඩේ වැව්වා හෝ කැපුවා කියලා. මම හොද වාහනේක ඇවිල්ලා කොන්ඩේ වවාගෙන නෙමේ හෙළුවෙන් බැස්සත් මුන් මට වචනයක් කියන්නේ නෑ. මට ඕනා උනා කොන්ඩෙන් හෝ රැවුලෙන් ඇදුමෙන් මිනිස්සු මයින්න බැරි බව පෙන්නන්න. මට සමාජ ක්‍රමය වෙනස් කරන්නඕන උනේ නෑ. මම සමාජ ක්‍රමයට පිටින් ගියෙත් නෑ. ඒත් මට කියන්න දේවල් තිබුණා. නමුත් සියල්ල සිදුවන්නේ නොහිතන විදියට.

මම කොන්ඩෙයි රැවුලයි දෙකම කැපුවා. එක දවසට දකින දකින කෙනා හොද කීවා. නමුත් මම කොන්ඩෙයි රැවුලයි කැපුවේ නෑ. මගේ කොන්ඩෙයි රැවුලයි කැප්පුවා.




October 12, 2011

දෙවනි කොල්ලත් ගොඩ දැම්මා.


එක පාරක් වගේ මගේ තවත් යාළුවෙක් මගෙන් උපදේශයක් ගන්න මේ ළගදි දවසක අපේ ගෙදර ආවා. කලින් ආපු යාළුවා මගෙන් උපදෙස් අරන් ගොඩ ගිය හැටි මතක ඇතිනේ. අමතක නම් මෙන්න මෙතෙන්ට ගිහින් ඒකත් බලලා එන්න.

මම ඉතිං නිවාඩු බදාදා දවස් වල නිසා එදා‍ට ටිකක් දවල් වෙනකං නිදා ගන්නවා. ඊට පස්සේ තමා නැගිටලා වැඩ පටන් ගන්නේ. මේ වගේ නිවාඩු දවසක මගේ යාළුවෙක් උදේම ආවා අපේ ගෙදර. එතකොට මම නිදි. කෝම හරි මේ ගොයියා මාව ඇහැරෙව්වා. යකෝ නිවාඩු දවසටවත් මුන් නිදා ගන්න දෙන්නේ නැති හැටි. මම පොරට හිතින් බැන බැන ගිහින් ‍දොර ඇරියා.

අනේ මචං උබ නිදාගෙනද හිටියේ.

අනේ නෑ බං. පත්තරයක් බල බල හිටියේ.

උබට මම කරදර කරා නේද ?.

නෑ නෑ කියපං. මොකද්ද කේස් එක.

මම හෙන අවුලෙන් බං මේ දවස්වල ඉන්නේ. උබ දන්නවනේ මම දවසකට සිගරට් 5ක් 6ක් බොනවා කියලා. සමහර දවස් වලට ඊටත් වඩා වැඩී. අන්තිමට අතේ සල්ලිත් නෑ. කරපු දේකුත් නෑ. කියපංකෝ බං මොකක් හරි කරන්න.

යකෝ ඉතිං ඕකට මගෙන් මොනවා අහන්නද ? සිගරට් බොන එක නවත්තපංකෝ.

එහෙම කියන්න එපා බං. පුළුවන්නම් මම උබෙන් අහනවෑ.

හරි හරි. මෙහෙම කරපං. උබ එක පාරටම ඕක නවත් වන්න යන්නත් එපා. ඒක හරි යන්නේ නෑ. උබ දවසකට සිගරට් 5 බොනවා නම් ටික ටික අඩු කරපං. ටික දවසකින් 4 ‍බීපං. ඊට පස්සේ 3 ක්. ඒ විදිහට හිමින් හිමින් ඇගට පතට නොදැනෙන විදිහට අඩු කරපං. දැන් බලපං. උබ නිකං ඉන්න වෙලාවට සිගරට් බොන එකෙන් වැඩක් නෑනේ. නිකං ඉහලට ඇද්දා දුම පිට කරා විතරයි. උබේ පපුවේ දැන් පාරකට දාන්න තරම් තාර පිරිලා ඇති. ඒ හින්දා උබ පොඩ්ඩක් පිරිමියෙක් වගේ තීරණයක් අර ගනින්. මම මේක නවත්තනවා කියලා හිතාගෙන වැඩේ කරපං. අනික බලපං මොකට බං ඔය චූටි ආතල් එකකට ඔච්චර සල්ලි වියදං කරන්නේ. අනික චූටි හරි ආතල් එකක් තියේද ?. ඒක හින්දා මම මේවා කීවට උබ තමා කරන්න ඕනා. උබම පොඩ්ඩක් කල්පනා කරලා බලපං.

දැන් මූ කල්පනා කොරන්න ගත්තා. 

හරි මචං මම ගිහින් එන්නම්. අනේ මචං සොරි බං උබට කරදරයක් එහෙම උනානම්.

නෑ නෑ පිස්සුද බං. ගිහින් වරෙන්.

මිනිහා ගියාට පස්සේ මමත් නැගිටල ගෙදර තියෙන වැඩ ටික කරන්න පටන් ගත්තා. එහෙම්මම දවසත් ගෙවිලා ගියා. පහුවදා ඉදලා මම ආයේ වැඩ. ඉතිං මටත් මේ සිද්දිය එහෙම්මම අමතක වෙලා ගියා.

මෙන්න ඊගාව සතියේ නිවාඩු දවසෙත් මිනිහා ආවා. ආපු ගමන් ආගිය විස්තර එහෙම කථා කරලා ඉවර වෙලා  මම ඇහුවා දැන් සිගරට් කීයක් දවසකට බොනවාද කියලා.

නෑ බං. මම සිගරට් බොන එක නැවැත්තුවා.

සංතෝසයි බං සංතෝසයි. ඇති යන්තං උබට මොලේ පෑදුනා. ඔය කෙහෙල්මල බීලා අපරාදේ සල්ලි නාස්ති කර ගන්න එපා.

ඔව් බං. මොකටද චූටි ආතල් එකකට රැපියල් 20 ක් උනත් වියදම් කරන්නේ. මම තව කීයක් හරි දාලා ජොයින්ට් එකක්ම ගහනවා .....................

October 1, 2011

බුලත් විටේටත් ගිය කලක්.


මම සෑහෙන කාලෙක ඉදලා බො‍හොම ආසාවෙන් කන කෑමක් තමයි බුලත්විට. බඩ පිරෙන්න නම් නෙමේ . හිත පිරෙන්න තමයි බුලත් විටක් කන්නේ. ඉස්සර නම් පුළුවන් හැම වෙලාවකම මම බුලත් විටක් කෑවා. නමුත් දැන් රස්සාවක් කරන්න පටන් ගත්ත දවසේ ඉදලා ඒ පුරුද්ද ටික ටික අඩු උනා. මොකද මම නිතරම ගෙදර නැති හින්දයි. නමුත් නිවාඩු දවසට නම් මම අනිවාර්යෙන් බුලත් විටක් කනවා.

ඉස්සෙල්ලාම බුලත් විටක් කාපු දවස මට මතක නැති උනත් මුලින්ම බුලත්විට කාලා වෙච්ච දේ නම් මට අමතක වෙන්නේ නැහැ. මම යන්තම් වගේ මතක විදිහට මල ගෙදරකදි තමයි මේ සිද්දිය උනේ. මහ ලොකුවට බුලත්විට කන්න ගත්තට කලමනා ටික හරියට හදා ගන්න දැනගෙ උනේ නෑ. බුලත් ‍කොලේ පුරාම හුණු ගාලා පුවක් බෑවකුයි දුන්කොලයි දාලා තමා කෑවේ. වැඩි වෙලා කන්න හම්බ උනේ නෑ. දාඩිය දාලා වෙවුලන්න වගේ ගත්තා. එතකොටයි මම දන්නේ බුලත්විට කාපුවාම මත් වෙනවා කියලා. අන්තිමටක කටත් හෝදලා විටේ අහකට දැම්මා. කට ගන්ඩ දෙයක් නෑ හොදටම හම ගිහින් හුණු වැඩි වෙලා. ඉන් මනත නම් විටක් කද්දී කවදාවත් ආයේ දුංකොල පාවිච්චි කලේ නෑ මම.

එහෙම පටන් ගත්ත විට කෑම යාළුවොත් එක්ක මළ ගෙවල් වල දානේ ගෙවල් වල එහෙම ගියාම හොදටම කන්න පටන් ගත්තා. කොහොමත් මළ ගෙවල් දානෙ ගෙවල් වල අනිවාර්යයෙන් විට වටිය තියෙනවා. සමහර පලාත් වල ඒකෙම බීඩි මිටි දෙක තුනකුත් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ බුලත් වට්ටියට අංගු වෙන්නේ බුලත්, පුවක්, හුණු, දුංකල. විටේ තවත් ටිකක් රසවත් වෙන්න නම් තව ජාති එකතු කරන්න පුළුවන්. කරදමුංගු, කරාඹුනැටි, ඉඟුරුපියලි, වසාවාසි වගේ දේවල් එකතු උනොත් නම් තවත් රසට කන්න පුළුවන්.

විටක් කන්න උනත් ඔය ජාති ටික විතරක් තිබුණාම මදි. ඒක හරියට ඒද ගන්නත් දැන ගන්න ඕනා. හුණු වැඩි උනොත් කට හම යනවා. බුලත් වැඩි උනොත් හරි පදම එන්නේ නෑ. ඒවගේම පුවකුත් හරි ගානට තියෙන්න ඕනා. තව දුංකලත් එකතු කර ගන්නවා නම් ඒවාත් ගානට ඕනා. ඔය කියන ගාන දන්නේ ඉතිං කන කෙනාම තමා. මම නම් දුංකොල කන්නේ නෑ. 

බුලත් විටක් කෑමේදී තියෙන පුවක් ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනා. සමහර පුවක් කාපුවාම හොදටම මත් වෙනවා. පුවක් ගෙඩිය දිහා බලලානම් ඒක කියන්න බැහැ. කාලම තමා ඒකත් බලන්න වෙන්නේ :D :D :D

ඉස්සර නම් ගෙදරක සමාන්‍යයෙන් බුත් වැලක් දෙකක් තිබුණා. ගෙදරට අමුත්තෙක් එහෙම ආවාම බුලත් විටකින් සංග්‍රහ කිරීම සිරිතක් වෙලා තිබුණා. වත්ත පල්ලෙහාට වෙන්න පුවක් ගස් දෙක තුනකුත් තිබුණා. කඩෙන් දුංකොලත් ‍එක්කම හුණු පැකට් එකකුත් ගෙනත් තිබුණා. නමුත් කාලයාගේ ඇවෑමෙන් බුලත් විට මිනිස්සුන්ගේ ජීවිත වලින් අයින් වීමත් එක්ක අර ගෙදර තිබුණු බුලත් වැලත් නිකම්ම අයින් වෙලා ගියා. අද බොහෝ දුරට ගෙදරක බුලත් වගාවක් තියේනම් ඒ විකිණිම සදහා සාදාගත් ඒවා. 

දැන් නම් විට කන ගොඩක් දෙනා කරන්නේ කඩෙන් රුපියල් 10ට 15ට 20ට තියෙන විටක් ගෙදර අරන් ගිහින් කන එක. අපේ ගෙදරත් බුලත් වැලක් තිබුණට මමත බොහෝ දුරට කරන්නේ කඩෙන් රු: 10 දීලා විටක් අරන් ගිහින් කන එක. ගොඩක් වෙලාවට මම කරන්නේ මගේ නිවාඩු දවසට කලින් දවසේ ගෙදර යන ගමන් විටක් අරන් ගිහින් පහුවදාට කන එක. එතකොට ආයේ අමුතුවෙන් විටක් ගේන්න කඩේට යන්න ඕනේ නෑනේ. නිවාඩු දව‍සේ ගෙදරටම වෙලා හිටියෑකිනේ.

මම ඉතිං වෙනදා වගේ මේ සතියේ නිවාඩුවට කලින් දවසෙත් විටක් අරගෙන ගෙදර ගියා. දැන් 10ට තිබ්බ ‍විටේ 15 වෙලා. සමහරක් තැන් වල 20යි. ඉතිං කෝම හරි මම විටක් ගන්න ගිය තැන විටේ ගාන 10යි. මම ඉතිං විටකුත් අරන් ගෙදර ගියා. දැන් මම රෑට කෑම එහෙම කාලා බස් එකක් එහෙම පැදගෙන ඉන්නවා. විටත් පැත්තකින් තියෙනවා. පහුවදාට කන්න කියලා හිතාගෙන ගෙනාවට මොකද කන්නමයි හිතෙන්නේ. එතකොට පහුවදාට මදි උනොත් ආයේ කඩේට යන්න ඕනා විටක් ගන්න. ඔන්න‍ඔහෙ ඕන දෙයක් වෙච්චාවේ කියලා මම විටේ දිග ඇරියා කන්න කියලා හිතාගෙන.

අනේ විටේට ගිය කලක්. ඉස්සරනම් බුලත් කොල පහ හයක්ම තිබුණු විටේ දැන් තියෙන්නේ බුලත් කොල 2යි. පුවක් කෑලි තුනයි හුනු ජුන්ඩයි දුංකොල පටි දෙකයි. (දුන්කොල මම කන්නේ නැති හින්දා ඒක විසික් කරනවා).ඒ කියන්නේ දෙපාරක් කාපුවාම විටේ ඉවරයි. 

අන්තිමට උනේ පහුවදාත් ටවුමට ඇවිල්ලා විටක් අරන් යන්න වෙච්ච එක. :D :D :D